සඳ තරු නිහඬයි ගහකොල නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා ගිතයේ ඔබ නොදත් තේරුම

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

විරහව මිනිසාට පොදු ධර්මතාවයක් වන සේම එහි ජීවත් වීමටද, එකී විරහව තුල ඇති මතක රස විඳීමටද සිත බොහෝ ප්‍රියයි. කුලරත්න ආරියවංශයන් අතින් නිර්මාණ පද නිර්මාණය වන සඳ තරු නිහඬයි ගීතයද විරහවේ උපරිම රස බෙදන ගීයක්. ගීතයක් රසික හද බැඳ ගන්නට පද, සංගීතය, ගායනය යන අංශ ත්‍රිත්වයම ප්‍රධානතම කාර්යක් ඉටු කරන සේම ගීතය රසික ශ්‍රාවක පිරිස් අතරට ගෙන යන්නට මාධ්‍ය ද ප්‍රධාන වෙනවා. සඳ තරු නිහඬයි ගීතය පිළිබඳව ගීත රසිකයින් දැන ගත යුතු එහෙත් නොදන්නා කරුණ නම් මෙම ගීතය අවස්ථා ද්විත්වයකදී එකිනෙකට වෙනස් ආකාර දෙකකින් නිර්මාණය වී තිබීමයි. ප්‍රථම ගීතයට හඬින් දායක වන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මියයි. සංගීතය ආචාර්ය ප්රේමසිරි කේමදාසයන්ගේ. කුමන හෝ හීතුවක් නිසාවෙන් රසික හදවත් අතරට වඩා සමීප වන්නේ මෙම ප්‍රථම ගීතය නොවෙයි. එයට පසු කලෙක ප්‍රති නිර්මාණය වන පණ්ඩිත් අමරදේවයන් ගයන්නට යෙදුන, එච් . එම් ජයවර්ධනයන් අතින් සංගීතය සැකසුනු ගීතයයි.

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
රාත්‍රිය තුල ඇති නිසල, නිහඬ, හුදෙකලා බවම තමයි සිතිවිලි වලට අවදි වෙන්නට හේතු වන්නෙත්. ගීතය තුල සිය විරහව පිලිබඳ පවසන්නට උත්සහ දරන චරිතයටත් එය එසේමයි. සඳ, තරු, ගහකොළ , නිසල නිහඬ මුළු ලොවම සංසුන් රාත්‍රියක ඔහුගේ සිතිවිලි අවදි වී ඒ මේ අත දුවයි.

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කලා
නිහඬ, නිසල බව සිතිවිලි අවදි කරන බව හොඳින් දැන දෙනෙත් පියා සිතේ හැඟුම් පසෙක ලා නින්දට යන්නට සැරසෙත්ම ඔහුගේ පාළුව තනිකම විසින්ම සිත තුල ඇති නිතර මතකයට එන මතකයන් යලිත් අවදි කරයි.

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කලා.රසෙන කරුණ අන් කිසිත් නොව සිය බිඳුණු ප්‍රේමයයි. අතීතයේ පෙම්වතිය, ප්‍රේම මතක, ප්‍රේමනීය වදන් සිහිනයෙන් මෙන් සිතට ගලා විත් සංසුන් සිත පාරවයි.

වරෙක හෝ විරහ රස විඳ අමතකව ගිය සිතකට යලි ඒ මතක ආවර්ජනයට මේ ගීතය හේතු වෙනවාට නිසැකයි. දක්ෂ කළා ශිල්පියෙකුට කළා නිර්මාණයක් තුලින් මිනිස් හැගීම් ප්රේති නිර්මාණය කල හැකි බවට කදිම උදාහරණයක් සපනය සඳ තරු නිහඬයි ගීතය සුභාවිත ගීත අතර අමරණීය ගීතයක් වන්නේ එලෙසින්.

ගායනය : පණ්ඩිත් අමරදේව
පද : කුලරත්න ආරියවංශ
සංගීතය : එච්.එම්.ජයවර්ධන

courtesy – ගීතයක කතාව – Story of a Song

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here