සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරයි ඔබ කිසි දිනක නොඒවී ගිතයේ ඔබ නොදත් තේරුම

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පය පැකිළේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී…
සෑම සංස්කෘතියකටම පාහේ සාහිත්‍යමය අතීත ප්‍රේම වෘතාන්ත්‍ර පෙර අපරදිග භේදයකින් තොරව තිබෙනු දැක ගත හැකි වන්නකි. එවන් ඓතිහාසික වෘතාන්ත්‍ර කීපයක් ලංකේය ජන සාහිත්‍ය තුල ඇති අතරම දස්කොන් ප්‍රමිලා වෘතාන්ත්‍රයට ඉන් සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. දස්කොන් ගේ සැබෑ නාමය “පේදෲස් ගැස්කන්” වන අතර, මොහු දෙවැනි රාජසිංහ රජ සමයේ ලංකාවට ආ ප්‍රංශ නැවියෙකුට හා උඩරටට සංක්‍රමණය වී සිටි පෘතුගීසි කාන්තාවකට දාව උපන් බව කියවේ. ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ කුමරු එනම් දෙවැනි රාජසිංහ රජුගේ පුතනුවන් හා බොහෝ කල් පවතී මිත්‍රත්වය ඔහුගේ රජ වීමත් සමග දස්කොන්ට රජ වාසලේ අධිකාරම් තනතුර ලැබීමට හේතු විය. එවක රජ බිසව වී සිටියේ ප්‍රමිලා නම් දකුණු ඉන්දීය සම්භවයක් ඇති කුමරියකි. කවිකම්, සංගීතයට බෙහෙවින් දස්කොන් මෙන් ම ඇයද ඉතා ඇලුම් කොට ඇති බව සඳහන් වේ. මේ ප්‍රේමයට හේතු සාදක වන්නට ඇත්තේද එයමයි. පසු කලෙක රජුට මේ ප්‍රේමය පිලිබඳ සැල වීමත් සමගම දස්කොන් ගේ හිස ගසා දමන්නට එනකොට ඇති බව කියවේ. ප්‍රේම වෘතාන්ත්‍රයේ අවසානය සනිටුහන් වන්නේ එලෙසින්.

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පය පැකිළේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී…
දස්කොන් – ප්‍රමිලා පෙම බිහි වන්නේ සක්මන් මලුවේදිය. මළුවේ දස්කොන් තනි වී ඇත. ප්‍රමිලාට යලි එහි ඒමට ද අවසර නොමැත. සිය පෙම්වතා මරණය වෙත ලඟා වෙන බව දැනුන ප්‍රමිලා බිසව තවමත් දැඩිව ආදරය කරන දස්කොන්ට දඬුවම් නොලැබෙන්නට යැයි ප්‍රාර්ථනා කරයි.

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ…
රාජ්‍යත්වය, බලය හමුවේ දස්කොන් – ප්‍රමිලා යුවලට කිසි දිනෙක එක වීමට නොහැකි වන බව ඔවුන් දැන සිටියි. ඔවුන්ගේ හමු වීමට සුදුසුව ඇති එකම කාලය රාත්‍රියයි. එවන් රැයක ප්‍රමිලා ළඟ දස්කොන් හිඳින්නේ අත්තන මලක්වයි. අත්තන මල විෂ සහිත මලකි. එලෙස රත්න ශ්‍රී විජේසින්හයක් සංකේතාත්මකව ගෙන හැර දක්වන්නේ මෙකී ප්‍රේමයේ පවතින අවධානම් සහිත බවයි. වාසල මිනිබැඳි දොර අරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහිනොවුනේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනිකරන්නෙපා මතු සංසාරේ ප්‍රමිලා දේවියගේ පහස පතා පැමිණෙද්දී මෙකී ප්‍රේමයේ ඇති අවධානම, ඔවුනට අත්විය හැකි ඉරණම ගැන දස්කොන් හට සිහි නොවිණි. මේ ආදරය මේ ආත්මයේ එක නොවුනද දේවියගේ සිත තුල ඔහු කෙරේ ඇති දැඩි ලෙන්ගතුකම නිසාම මතු ආත්මයේ දස්කොන් හා එක වන්නට ඈ පෙරුම් පුරයි.

දස්කොන් – ප්‍රමිලා පෙම් කතාව අලලා බිහි වූ කළා කෘතීන්ද එමටය. ලංකේය ගීත සාහිත්‍යය ගත්තද මෙකී ප්‍රේම කතාව පාදක කොට ගත් ගීත කීපයක්ම හමු වෙයි. “සක්මන් කරන මළුව පාළුයි දේවී” ඉහත ගීතය එවන්ම ගීතයකි. ගේය පද රචනය රත්න ශ්‍රී විජේසිංහයන් විසිනි. මෙකී ප්‍රේම කතාවේ අවසානය එතරම් සුභවාදී නොවන එකකි. එකී විරහව, දුක්මුසු අවසානය වඩාත් දැනෙන අයුරින් සංගීත නිර්මාණ කටයුත්ත සිදු කර ඇත්තේ ගුණදාස කපුගේ ශූරීන් විසින් වන අතර ගායනයට දායක වී ඇති කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ සමිතා මුදුන්කොටුව මහත්මිය ඉතාමත් ප්‍රතිභා පූර්ණ ගායන ශිල්පීන් දෙදෙනෙක් වන බවද නොරහසකි.

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ / සමිතා මුදුන්කොටුව
සංගීතය : ගුණදාස කපුගේ
පද : රත්න ශ්‍රී විජේසිංහ

ගීතයට සවන් දෙන්න

courtesy – ගීතයක කතාව – Story of a Song

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here