පාලිත රංගේ බණ්ඩාර නීතිය හා සාමය ඇමතිකම ඉල්ලයි

රටතුළ ඇති වී තිබෙන අයහපත් තත්ත්වය සමනය කොට සාමය උදා කිරීමේ වගකීම තමන් වෙත බාර දෙන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඔහු රජය වෙත අවධාරණය කර සිටියේ ඒ වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යංශය සති දෙකක කාලයක් සඳහා තමන් වෙත බාර දෙන ලෙසයි.
බලහත්කාරයෙන් අතුරුදන්කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ පනත් කෙටුම්පත පිළිබඳ ඊයේ පැවැති විවාදයේදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේ.
ලංකා දණ්ඩනීති සංග‍්‍රහයේ 89 වගන්තියේ සිට 96 දක්වා ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීම වෙනුවෙන් වූ ගත යුතු කි‍්‍රයාමාර්ග භවද ඔහු පැහැදිලි කළේය.
“කලහකාරී තත්ත්වයකදී අනුන්ගේ ජීවිතත් තමන්ගේ ජීවිතත් අනුන්ගේ දෙපොලත් තමන්ගේ දේපොලත් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් දණ්ඩනීති සංග‍්‍රහයේ ප‍්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම ඒ වෙනුවෙන් බලය පවරා ඇති පරිදි වෙඩි තැබීමේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය බැදී සිටිනවා. මෙම තත්ත්වයන් අවබෝධ කර ගත යුතුයි. කලහකාරී තත්ත්වයකදී අහසට වෙඩි තැබීමෙන් නිසි පලක් අත්වන්නේ නෑ. බලය ලබා දී ඇත්තේ අහසේ සිටින කුරුල්ලන්ට වෙඩි තැබීමට නොවෙයි. එබැවින් මෙම තත්ත්වය නිසි ලෙසස වටහා ගත යුතුයි. එමෙන්ම මං මේ මොහොතේදී සති දෙකක් ඇතුළත මෙම අහපපත් තත්ත්වය පාලනය කිරීමේ වගකීම බාර ගන්න මම සූදානම්. ඒ සඳහා දෙසතියක කාලයකට නීතිය හා සාමය අමාත්‍යංශය මා වෙත බාර දෙන්නැයි මා ඉල්ලා සිටිනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here