මහපොළ අරමුදලින් යාපනය සරසවියේ සිසුන් පිරිසක් බීමතින් යකා නටති

    0

    මහපොළ ශිෂ්‍යාධාර අරමුදල් ලබා ගත් යාපනය සරසවියේ සිසුන් පිරිසක් ඊයේ (11) දහවල් බීමතින් හැසිරී තිබේ.

    මෙම සිසුන් කළමනාකරණ අධ්‍යන පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් වන අතර එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිසුන් සිවු දෙනෙකු තුවාල ලබා යාපනය මහරෝහලට ඇතුලත් කර ඇති බව යාපනය පොලීසිය පවසයි.

    අදාල ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බීමතින් හැසිරුණු සිසුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතරම අදාල ගැටුම සම්බන්ධයෙන් යාපනය පොලීසියද පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

    Facebook Comments