ජනපතිගේ අවුරුදු හයේ කතාව අපි දන්නෙ නෑ කිරිඇල්ල

    තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න නිශ්චිත කර දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීම හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ දැඩි ලෙස කැළඹීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

    සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට කැපවූ පක්‍ෂ පවා දැනුවත් නොකර මෙය සිදු කර ඇති බවයි.

    ආණ්ඩුවෙන් පක්‍ෂ නායකයන්ද මේ සම්බන්ධයෙන් තමනට දන්වා ඇති බව ඔහු සදහන් කරයි.

    මේ නිසා ජාතික ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ අතර බරපතල දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඔවුන් කියා සිටියේ යයිද ඇමතිවරයා කියා සිටී.

    මේ කාරාණාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තම ස්ථාවරය මෙතෙක් ප‍්‍රකාශ කර නැති අතර ශ‍්‍රීලනිපය හැර වෙන කිසිදු පක්‍ෂයක් තම මතය කියා නැත.ශ‍්‍රීලනිපය 2015 පැවති ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට කටයුතු කල පාර්ශවයක් නොවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here