”මම චතුරිකාට කතා කරන්නේ මගේ හුස්ම ටික කියලා, එයා ළඟ ඉද්දි මට ලොකු සැනසීමක් දැනෙනවා” – දුවෙක් ගේන්න හීන මවන ගයාන් චතුරිකා මෙතෙක් නොකියූ කතා රැසක් ගැන කියයි

0

මම ඇඟපතින් කොච්චර උස මහත උනත් චතුරිකා ළඟ ඉද්දි මට ලොකු සැනසීමක් ලැබෙනවා

චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීයම යුවළක්… පසුගිය කාලය පුරාවටම ඔවුන් දෙදෙනා ගැනම විවිධ කතා සමාජ මාධ්‍ය තුළින් අහන්න දකින්නට ලැබුණා.

කොහොම උනත් ඒ සියල්ල බොහොම නිහඬවම විඳ දරා ගත්ත මේ යුවළ ඉතාමත් ආදරයෙන් සිය ජීවිතය ගත කරනවා.

මේ අතර පසුගිය දිනක මාධ්‍ය ආයතනයක පැවති වැඩසටහනකට සහභාගී වෙලා ඔවුන් සිය ආදරණීය මතකයන් නැවත නැවතත් සිහිපත් කර තිබුණා. එහි දි ගයාන් ගෙන් අහපු ප්‍රශ්න ටිකට ගයාන් වගේම චතුරිකාත් උත්තර දීලා තිබුණා. ඒ මෙන්න මේ විදිහට..

ගයාන්ට චතුරිකාව මුලින්ම මුණ ගැහැණු තැන මතක ද?
ගයාන් – මට චතුරිකාව මුලින්ම මුණගැහුණේ සුසිල නිශ්පාදන ආයතනයේ දී, ඒ 2004 දී එදා තමයි ඇයව මුලින්ම මුණ ගැහුණේ.
චතුරිකා – මට නම් ගයාන්ව මුලින්ම මුණ ගැහුණු දවස මතක නෑ.. හැබැයි මතක විදිහට නම් මහේන්ද්‍ර පෙරේරාගේ වැඩමුළුවක දී තමයි මුලින්ම මුණ ගැහුණේ

දෙන්නා මුලින්ම ගිය ස්ථානය
ගයාන් – හරියටම මතක නෑ
චතුරිකා – බෙල්ලන්විල රජමහා විහාරය

ගයාන් චතුරිකාට ආදරය ප්‍රකාශ කළ අන්දම?
ගයාන් – අවස්ථා කිහිපයකදීම විවිධාකාරයෙන්ර ප්‍රකාශ කරලා තියෙනවා.. හැබැයි හරියටම දැනෙන්න ආදරය ප්‍රකාශ කරන කොට ඒ කාලේ චතුරිකා ගෙයක් හදමින් හිටියා මම ගොඩක් ට්‍රයි කළා ආදරය ප්‍රකාශ කරන්න ඒත් අවස්ථාවක් හම්බ වණේ නෑ. ඔය අතරේ ගේ හදන වැඩවල දී චතුරිකාට ගඩොල් ප්‍රශ්නයක් තිබුණා. ඉතිං මම ඇහුවා ”ඔයා දන්නවද මේ ගඩොල් ලෝඩ් එකක් කොච්ර බර ද කියලා අන්න ඒ වගේ ලොකූ බරක් මගේ හිතේ ඇතුළේ තියෙනවා ඔයාට මේක තේරෙන් නෑ, මේක කොච්චර ලොකු බරක් ද කියලා ඔයාට මේක කියනකන් මගේ ආදරේ මෙච්චර ලොකු ලෝඩ් එකක් කියලා කිව්වොත් තමයි තේරෙන්නේ නැත්නම් ඔයාට මේක තේරෙන් නෑ කිව්වා” අන්න එහෙම තමයි මම මුලින්ම ආදරෙයි කියලා කිව්වේ.
චතුරිකා – ආදරය ප්‍රකාශ කළා එක එක විදිහට… එතනදි මට මතකම තියෙන විදිහ තමයි ඒ දවස්වල මම නිවසක් හද හද හිටියා. ඉතිං ගයාන් කිව්වා එයා ආදරය ප්‍රකාශ කරන විදිහෙන් මට තේරෙන්නේ නෑ එයාගේ ආදරේ කොච්චර ලොකු වටිනාකමක් තියෙනව ද? කොච්චර ලොකු බරක් තියෙනව ද කියලා.. අන්තිමට එයා මට කිව්වා ”සිමෙන්ති කොට්ට දෙතුන්සීයක ගල් ලෝඩ් දෙකතුනක වැලිලෝඩ් දෙක තුනක කොච්චර ලොකු බරක් තියෙනව ද කියලා ඔයා දන්නවද අන්න ඒ වගේ ලොඩ් ගනන්වලින් කිව්වොත් තමයි ඔයාට මගේ ආදරේ තේරෙන්නනේ” කියලා එහෙම තමයි ආදරේ ප්‍රකාශ කළේ…

ගයාන් මුලින්ම බලාපොරොත්තු වෙන්නේ දුවෙක් ද? පුතෙක් ද?
ගයාන් – දුවෙක්
චතුරිකා – දුවෙක්

ගායාන්ට තරහ ගියාම කොහොමද?
ගයාන් – එක එක විදිහයි.. ටිකක් කතා කරනවා අඩුයි.. දැන් නම් තරහා ගියාම පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නවා. හැබැයි තරහා ගියාට පස්සෙ මට හිටියට වඩා ආදරේ හිතෙනවා. හැබැයි ඉස්සර තරහා ගියාම දවස් ගනන් ඒක ඇදිලා යනවා ඒකට දක්වන ප්‍රතික්‍රියාව ටිකක් භයානකයි. ඒක මටත් හරි නෑ අනෙක් පැත්තේ අයටත් හරි නෑ… ඒත් දැන් මම මේ තත්වෙට පත්වෙලා ඉන්න ප්‍රධානම හේතුව චතුරිකා. මම මේ තත්වෙට හිත හදාගෙන ක්ෂේත්‍රයේ ඇතුළෙත්, හැමෝමත් එක්ක හොඳින් ජීවත් වෙන්න ප්‍රධානම හේතුව එයා මට ලොකූ කතාවක් එක් මේ හැම දේ ගැනම කියලා දීලා තියෙනවා.

චතුරිකා – ඉස්සර නම් තරහා ගියාම හරිම සැරයි කන්ට්‍රෝල් කරන් බෑ.. දැන්නම් එහෙම නෑ..

වැඩියෙන්ම කන්න කැමති කෑම
ගයාන් – චතුරිකා සැන්විච් එකක් හදනවා ඒක කන්න ආසයි.. රොටීයි ලුණු මිරිසුයි , වෙජිටබල් සැලඩ් වගේ තමයි කන්න ආසයි.
චතුරිකා – ඉස්සර නම් දැල්ලෝ මස් මාළු වගේ දෙවල් වැඩිපුර කෑවා දැන් නම් එහෙම නෑ.. අඹ කන්න හරි ආසයි.. වෙජිටබල් ෆෘට්ස්වලට තමයි ගොඩක් කැමති..

හෙඳටම වැඩි වෙන්න බීපු දවසේ ගයාන් කරපු වැඩ?
ගයාන් – ඒවා කියන්න බෑ.. ගෙදර එනවාවත් මතක නෑ.. මම තනියෙන් හිටියා කියලා මතකයි..
චතුරිකා – මට හොඳට මතකයි.. ඒක කියන්න බෑ..

පොඩි ළමයෙක් වගේ දුක් වෙවී අඬපු මෙහොත මොන වගේද?
ගයාන් – දවසක් චතුරිකා මාත් එක්ක තරහා වෙලා ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න මං මගේ වැඩක් බලා ගන්නම් කිව්වා… එදා මට ගොඩක් දුක හිතුනා ඇත්තටම මට කියා ගන්න බැරි තරම් ඇඬුණා.
චතුරිකා – ඒක කියන්න බෑ

ගයාන්ගේ නරකම පුරුද්ද?
ගයාන් – ඉස්සර නම් මම ගොඩක් සිගරට් බිව්වා.. පස්සේ ඒක මටම එපා වෙලා නැවැත්තුවා.. ඒක තමයි මට තිබුණ නරකම පුරුද්ද… දැන් තියෙන නරකම පුරුද්ද චතුරිකාගෙන් තමයි අහන්න ඕන.
චතුරිකා – ඕනවට වඩා මිනිස්සු විශ්වාස කරනවා..යාළුවෝ හිතමිතුරෝ විශ්වාස කරන්න ගිහිල්ලා එයා හරියට අමාරුවේ වැටිලා තියෙනවා ඒක තමයි එයාගේ නරකම පුරුද්ද…

ඔය දෙන්නා එකට ඉන්න මෙහොතක ගයාන්ගේ පරණ Love එකක් ඇවිත් කතා කරපු දවස මතක ද?
ගයාන් – ඒකකෙනෙක් කියලා නෑ දෙතුන් දෙනෙක්ම කතා කළා… ඒවා අපිට ලොකු දේවල් නෙමෙයි.. අපේ ජීවිතේ වැරදීමකින් හරි හිතන්නේ නැතුව කරපු දේවල් තියෙනවා… ඒ තැන්වල දී ඒ අයත් එක්ක තරහ වෙන්න අවශ්‍යත් නෑ… ඒ වගේ තැන්වල දී නිදහසේ හැසිරෙනවා..
චතුරිකා – ගයාන් ගැන බලාපොරොත්තු තියාගත්ත ක්ෂේත්‍රයේ අය ඇවිත් අපි දෙන්නත් එක්කම ගොඩක් හොඳට කතා කරලා තියෙනවා.

දෙන්නා අතර සිදුවුණ කවදාවත් අමතක නොවන සිදුවීම?
ගයාන් – අපි දෙන්නා ගිහිං අපේ ගෙදරට බල්ලෙක් අරං අවා… ඒයා දැන් අපේ ජීවිතේ වගේ ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ..
චතුරිකා – එකක් කියලා නෑ ගොඩක් දේවල් තියෙනවා. ඒ හැම සිදුවීමක්ම හරිම විශේෂයි… ඒවා අපේ ජීවිතවලට ලොකු පන්නරයක් වුණා. කාලයක් තිබුණා අපි දෙන්නම විතරක් තනිවුණ, ඒ දේවල් ගොඩක් හොඳයි ඒකෙන් අපිට හොඳ පන්නරයක් ලැබුණා.

ගයාන් වැඩිපුරම කාලය ගත කරන්න කැමති කාත් එක්ක ද?
ගයාන් – චතුරිකා එක්ක.. මට අපහසුවක් දැණුනත්, වැඩ රජකාරී කොච්චර තිබුණත්, මොනරම් ප්‍රශ්න තිබුණත් මම කැමති චතුරිකා ගාවට වෙලා ඉන්න. මට එතකොට ලොකු නිදහසක් දැනෙනවා. මම කොච්චර ඇඟපතින් උස් මහත් වුණත් මට චතුරිකා ළඟ දී ලොකු සැනසීමක් දැනෙනවා. එතකොට මට මගේ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙනවා. එයා කොතනද ඉන්නේ මම කැමති එතනට වෙලා ඉන්න. එයා ෂූටින් ගියත් මට වැඩක් නැත්නම් මම එතනට යනවා. එයාත් එහෙමයි මාසයක් විතර එයත් මම ෂුටින් කරන තැනකට වෙලා හිටියා එහෙට සිගනල්වත් නෑ මාසයක්ම ජිප් එක ඇතුළේ ඒ චරිතෙට ඊයේ පෙරේදා සම්මානයකුත් හම්බ වුණා.
චතුරිකා – මමයි, පුතයි හයාගේ සුරතල්ලු තුන් දෙනෙක් ඉන්නවා අපි පස් දෙනා තමයි.

එයා ඔයාට ආදරේට කතා කරන්නේ කෙහොමද?
ගයාන් – මගේ හුස්ම ටික කියලා
චතුරිකා – සුදු මැණිකේ කියලා

තරහ ගියාම කතා කරන විදිහ..?
ගයාන් – අනේ මන්දා එහෙම විශේෂයක් නෑ..
චතුරිකා – චතුරිකා කියලා… මම දන්නවා චතුරිකා කියාගෙන එනකොටම

එයා ඔයාට නොලැබුණානම් කාට අයිති වෙයිද?
ගයාන් – ඒ ගැන හිතලා නෑ ඒක හරි අමුතු ප්‍රශ්නයක්..
චතුරිකා – කාටවත්ම අයිති වෙන එකක් නෑ..

Facebook Comments