“මරණයට කෙල්ල සම්බන්ධ නෑ ..” – වෙඩි තබාගත් මහින්දේ සිසුවා ලිපියකුත් ලියලා

0

පෙරේදා (10 වැනිදා) රාත්‍රී ලිපියක්‌ ලියා තබා පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත් ගාල්ල මහින්ද විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවා විසින් මියයාමට ප්‍රථම ලියු ලිපියක් හමුවී තිබෙනවා.

තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවත් තමා නිසා පවුලේ අය බොහෝ දුක්‌ වින්ද බවත් මෙම සිද්ධිය ප්‍රේම සම්බන්ධයක් නිසා කරගත් දෙයක්‌ බවට නොසිතන – නොකියන ලෙසත් එය මෙයට සම්බන්ධ නැති බවත් මෙවන් පීඩනයක් යටතේ සාමාන්‍ය පෙළ ලිව්වත් ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ සඳහන් ව තිබුණා.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි සිසුවෙක්.

ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියක්මි.

පවුලේ දෙවැනි දරුවා වන ඔහු පෙරේදා (10 වැනිදා) රාත්‍රී අටයයි දහයට පමණ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන ඇති බවත් නිවැසියන් විසින් ඔහුව කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටි බවත් වාර්තා වනවා.

මියගිය සිසුවාගේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අතර ගාල්ල පොලිස්‌ අධිකාරී වී. ඩබ්ලිව්. ගිනිගේ මහතාගේ උපදෙස්‌ පරිදි පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

Facebook Comments