ඔස්කාර් සම්මානලාභී නිළියන් කාමරයට ගෙන්නගෙන අතවර කරලා

0

ඇමෙරිකාවේ මහා ධන කුවේරයකු වූ හොලිවුඩ්හි සුවිශාල “වයින්ස්ටයින් ස්ටුඩියෝ ” නමැති චිත්‍රපට නිෂ්පාදනාගාරයේ තනි අයිතිකරු වන, හාර්වේ වයින්ස්ටයින් 65 වයසැති චිත්‍රපට නිෂ්පාදකයා හොලිවුඩ්හි සුප්‍රකට, සම්මානනීය සුරූපිය නිළියන් රැසකටම අතවර කර ඇති පුද්ගලයෙකු බවට චෝදනා එල්ල වී ඇත.

මෙම ලිංගික අතවර චෝදනා නිළියන් කිහිපදෙනෙකු විසින්ම සිදුකර ඇති අතර, වර්තමානයේ හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය එමෙන්ම සම්මානනීය නිළියන් දෙදෙනකු වන ඇන්ජලීනා ජොලි සහ ග්වෙන්ත් පැල්ත්‍රෝ විසින් ප්‍රකාශ නිකුත් කර ඇත්තේ යටකී චිත්‍රපට නිෂ්පාදකයා තමන්ටද ලිංගික හිරිහැර කළ බවය.

ඇන්ජලීනා ජොලි යනු ප්‍රකට “ටූම්බ් රේඩර්” චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වූ අතර, තවත් ප්‍රකට හොලිවුඩ් චිත්‍රපට රැසක රඟපා ඇති ඔස්කාර් සම්මානලාභී නිළියක් වෙයි.

එමෙන්ම ග්වේන්ත් පැල්ත්‍රෝ ද “ශේක්ස්පියර් ඉන් ලව්” නැමති සම්මානනීය ඇමෙරිකානු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපා හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමිකරගත් ඇති දක්ෂ නිළියකි. ඔවුන් දෙදෙනාම දැනට මැදිවයස්වල පසුවන අතර, මොවුන්ට වයින්ස්ටයින් ලිංගික අතවර කර ඇත්තේ ඔවුන්ගේ තරුණ වියේදී බැව් ඔවුන් මාධ්‍ය සමඟ ප්‍රකාශ කර ඇත.

වයින්ස්ටයින් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටවල කටයුතු සිදු කෙරෙද්දී මෙම ලිංගික අතවරවලට ලක්වූ බව මෙම හොලිවුඩ් සුරූපිනියෝ දෙදෙනා ප්‍රකාශ කර ඇත.

Facebook Comments