ඉන්දු-ලංකා ක්‍රිකට් තරගාවලියට පෙර ප්‍රබල ක්‍රිඩකයෙකු පිටියට සමු දෙයි

    0

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ අවසානය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟාවලිය වන්නේ ඉන්දියාවේදී පැවැත්වෙන ටෙස්ට් එක්දින සහ T 20 තරඟාවලියයි.

    මෙම තරඟාවලියට පෙර ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීණ වේග පන්දු යවන්නෙකු වන අශීෂ් නෙරා ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ඇත.නොයෙක් වර ඇතිවූ ආභාද තත්වයන් සමඟ ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව දිගු කලක් අහිමිව සිටි නේරා IPL තරඟාවලියේ දැක්වූ දක්ෂතා මත නැවතත් ඉන්දීය T 20 කණ්ඩායමේ තම ස්ථානය ආරක්ෂා කරගෙන සිටි අතර 90 දශකයේ ටෙස්ට් වරම් දිනාගත් ක්‍රීඩකයන් අතරින් මෙතෙක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් කිහිප දෙනාටද නේරා ඇතුලත් වේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 1999 ටෙස්ට් වරම් දිනු ඔහු අවසන් වරට ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කර ඇත්තේ 2004 වර්ෂයේය.ටෙස්ට් තරඟ 17ක් එක්දින තරඟ 120ක් සහ T 20 තරඟ 26 කට මෙම ප්‍රවීණයා ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇත.

    වසර 18 ක කාලයක් ක්‍රීඩා කලත් ඔහු ක්‍රීඩා කල තරඟ ප්‍රමාණය අඩු වීමට හේතුව ලෙස ඔහුට නිරන්තර ඇති වූ ආභාද තත්වයන් පෙන්වා දිය හැක.38 හැවිරිදි මෙම වමත් වේගපන්දු යවන්නා සහභාගී වන අවසන් තරඟය එළඹෙන නොවැම්බර් මස 1 වනදා ඔහුගේ ප්‍රාන්තයේ ක්‍රීඩාංගනය වන ෆෙරාශ්ලා කොට්ලා ක්‍රීඩාංගනයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන T20 තරඟය වන බව ඉන්දීය වාර්තා පෙන්වා දේ.

    Facebook Comments