උදෑසන අවදි වූ සැණින් දෙහි වීදුරුවක් පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය වාසි 10ක්

0

දෙහි යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ඔබට පැය 5ක් යනතුරු වැඩ කිරිමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නට පුළුවන්. සැබවින්ම දෙහි කියන්නේ සොබාදහම විසින් අපිට තිළිණ කර ඇති ඉතා විශ්මිත වූ ශක්ති ජනක පානයක්. උදෑසන අවදි වූ සැණින් අප පානය කරන කිරි හෝ කෝපි කෝප්පය වෙනුවට දෙහි යුෂ වීදුරුවක් පානය කලොත් එය උදරයට පහසුවක් වන අතරම ප්‍රබෝධමත්ව දවස ආරම්භ කිරීමටද ඔබට හැකි වෙනවා.

ගොඩක් දෙනා හිතන් ඉන්නේ දෙහි කියන්නේ ආම්ලික ඝනයට අයත් වන ආහාරයක් කියලා. නමුත් එය වැරදියි. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී දෙහි වල අඩංගු පෝෂක හොදින් ජීර්ණය වී අපේ රුධිර පද්ධතියට එක් වීම සිදු වෙනවා. මෙසේ එක් වන ජීර්ණය වූ කොටස් ඇත්තෙන්ම අපේ සිරුර ක්ෂාරාමය තත්වයට තමයි පත් කරන්නේ. මෙමගින් අපේ සිරුරේ PH අගය ඉහල ගොස් භාශ්මිය ස්වරුපයකට පත් වෙනවා. හැබැයි ඉතින් දවස් පුරා නිතර නිතර දෙහි පානය නම් හොද නැහැ. දවසට එක් වතාවක් දෙහි යුෂ ජලය සමග පානය කිරීම (උදෑසන) හොදටම ප්‍රමාණවත්. අද විශ්ම ලෝකය තුලින් අපි සාකාච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ දෙහි පනය කිරීමෙන් ඔබට සුව කර ගත හැකි රෝග තත්වයන් 10ක් පිලිබදවයි

අජීර්ණ තත්වයන් – බඩේ අජීර්ණ තත්වයන් හා මලබද්ධය සුව කිරිම දෙහි ඉතාම හොද ඖෂධයක්. දෙහි තුල අඩංගු වන පෙක්ටින් මගින් අපේ ආහාර ජීර්ණය පහසු කරවනවා. ඒ වගේම පෙක්ටින් ශරීර පවිත්‍රකාරකයක් හා රුධිර පිරිසිදුකාරකයක් ලෙසද කටයුතු කරනවා. එම නිසා ලොකු ආහාර වේලකින් අනතුරුව දෙහි යුෂ පානය කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි

අධි රුධිර පිඩනය – දෙහි වල අඩංගු වන පොටෑසියම් මගින් රුධිර පිඩනය නියාමනය කරනවා. ඒ වගේම හදවතේ සෞඛ්‍ය තත්වය වර්ධනය කිරීමටද දෙහි වලට පුළුවන්

ඔක්කාරය – ඔක්කාරයට එම නිසා ඔබට අපහසුකාරී තත්වයක් දැනේ නම් දෙහි වීදුරුවක් පානය කරන්න. විනාඩි 15- 30 ත් අතර කාලයකදී අපහසුකාරී ඔක්කාර ගතිය මග හැරී යාවි

වාත රක්තය ( Rheumatism ) Rheumatism එහෙමත් නැතිනම්  Rheumatic Disorder කියන්නේ සන්ධි වල හා සම්බන්ධක පටක වල වරින් වර හටගන්නා හෝ නිධන්ගත වේදනා තත්වයන් සදහා කියන පොදු නාමයක්. ඔබටත් සන්ධි වේදනා තිබේ නම් දිනපතා දෙහි යුෂ පානය කිරීමෙන් එම තත්වයන් මග හරවා ගන්නට පුළුවන්කොලරාව හා මැලේරියා =අපි කලින් කිව්වා නේද දෙහි කියන්නේ හොද රුධිර පිරිසිදු කාරකයක් කියලා. මේ හේතුවෙන් කොළරාව හා මැලේරියා වැනි රෝග වලට එරෙහිව ඔබට අමතර ආරක්ෂාවක් ලබා දීමට දෙහි වලට හැකියාව තියෙනවා

ශ්වසන අපහසුතා – ඔබට කෙටි කාලින ශ්වශන අපහසුතා හෝ ඇදුම වැනි රෝග තත්වයක් ඇති වුයේ නම් හැකි ඉක්මනින් දෙහි යුෂ වීදුරුවක් පානය කරන්න. මෙමඟින් ඉක්මන් සහනයක් සලසා ගන්නට පුළුවන් වෙනවා

වකුගඩු ගල් – අපි කලින් කතා කළා මතකද දෙහි තුල පොටෑසියම් අඩංගු වෙනවා කියලා. ඉතින් දෙහි තුල ඇත්තටම අඩංගු වන්නේ පොටෑසියම් සිට්‍රෙට් කියන පෝෂණ සංගටකය. මේ දෙහි වල තියෙන සිට්‍රික් අම්ලය ව්‍යුත්පන්න වීමෙන් නිර්මාණය වන දෙයක්. මේ පොටෑසියම් සිට්‍රෙට් කියන්නේ හොද භාෂ්මිය කාරක ගුණයක් තිබෙන දෙයක්. යම් කිසි කෙනෙකුගේ මුත්‍රා වල ස්වභාවය දැඩි ආමිලික බවක් ගන්නා අවස්ථා වල වෛද්‍යවරුන් විසින් මේ පොටෑසියම් සිට්‍රෙට් කෘතිමව ලබා ගැනීමට රෝගියාට නිර්දේශ කරනවා. පොටෑසියම් සිට්‍රෙට් මගින් ඔක්සලේට ඇති වීම වළක්වා වකුගඩු ගල් හට ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථා නැති කර දමනවා.

පැණි රස කෑමට ඇති ආශාව – දෙහි තුල අඩංගු වන විවිධ එන්සයිම මගින් අපේ රුධිර ගත සිනි මට්ටම නියාමනය කරන බැවින් පැණි රස කෑමට ඇති ගිජු බව කාලයත් සමග නැති කර ගන්නට පුළුවන්.

දුර්වල ප්‍රතිශක්තිය – දෙහි මගින් අපගේ වසා පද්ධතිය සවිමත් කර රෝග කාරක බිජ පලවා හැරීම සිදු කරනවා. මෙහි අවසාන ප්‍රතිපලය ලෙස ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

උණ රෝගය – දෙහි තුල අඩංගු වන විටමින් C වලට උණ රෝගය පාලනය කරන්න පුළුවන්. විටමින් C මගින් දහඩිය පිටවීම වේගවත් කර රෝගය සුවපත් කිරීම සිදු කරනවා.ඇත්තෙන්ම අප අවදි වූ සැණින් සීනි යහමින් දමා පානය කරන නවසීලන්ත සමාගම් විසින් සැකසු කිරිපිටි කොතරම් සෞඛ්‍යආරක්ශිතද යන්න ගැන අපට විශ්වාසයක් ඇති කර ගැනීම අපහසුයි. තවද උදැසන කිරිපිටි කෝප්පය පානය කල අවසන උදරයට දැනෙන අසහනකාරී භාවය ඔබත් අත් විද ඇති. එම නිසා උදෑසන දෙහි යුෂ වීදුරුවක් පානය කිරීමසෑම අතින්ම ඉහල සෞඛ්‍යආරක්ෂිත බවක් ඔබට ලබා දෙන ක්‍රියාවක් බව මතක තබා ගන්න. විශ්ම ලෝකයෙන් අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ වැදගත් ලිපියකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්!

Facebook Comments