පොලිසියෙන්ට්‍ වාහනේට අත දැම්මොත් බයවෙන්න එපා – පොලිස් රාළහාමිලා කරන අලුත්ම වැඩේ මෙන්න!

    අපේ රටේ මාර්ග තදබදය හා සමහර රියදුරන්ගේ නොසැලකිලිමත්ව රිය ධාවනය හේතුවෙන් මහා මාර්ගයේ රිය පදවන බොහෝ දෙනා ඉතාමත් අපහසුතාවයට පත් වන බව නොරහසක්. මේ තත්වයෙන් බොහෝ විට විනයෙන් හා ක්‍රමවත්ව නීතිගරුකව රිය පදවන රියදුරන්ට බොහෝ විට සිදුවන්නේ පාඩුවක්… එයට හේතුව පාරේ පිස්සන් මෙන් නොසැලකිල්ලෙන් රිය පදවන අය එහෙන් මෙහෙන් රිංගා අනෙක් අයට අවහිර වන අයුරින් ගමන් ගනිද්දී නීති ගරුක රියදුරාට ඔහේ බලාගෙන සිටීමට සිදුවන නිසායි. බොහෝ විට මාර්ගයේ සිටින ට්‍රැෆික් රාලහාමිලාටත් මේවා අල්ලා ගැනීමට අපහසුයි අල්ලා ගත්තත් කෙසේ හෝ පැනයාමට ඔවුන් සමත්… මේ හේතුවෙන් විනය ගරුක රියදුරන්ද අවිනීත රියදුරන් ගණයට වැටීමට මග පාදන අවස්ථා එමටයි

    මේ තත්වය වටහාගත් පොලිස් රථවාහන කොට්ඨාශය ඉතා හොඳ විසඳුමක් රියදුරන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. අද දින නෙලුම් පොකුණ රඟහල අසලින් ආරම්භ කල මෙම ක්‍රමවේදය යටතේ මාර්ග වල නීතියට අනුව විනයානුකුලව වාහන ධාවනය කරන රියදුරන් නිරීක්ෂණය කර ඔවුන්ට ත්‍යාග ලබා දී ඔවුන්ගේ රිය ධාවනය ඇගයීමට කටයුතු යොදා තිබෙනවා.

    විනය ගරුක රියදුරන් ඇගයීමට ආරම්භ කල මෙම ක්‍රමය නිසා නීති ගරුක රියදුරන් පිරිසක් බිහි කර ගැනීමට මාර්ගය සැකසෙනු ඇති අතර විනයක් ඇතිව තම වාහනය ධාවනය කරන රියදුරන් මේ පිළිබඳව වඩාත් සතුටු වනු ඇත…මේ අනුව මාර්ගයේ වාහනය ධාවනය කරන විට පොලිස් රාලහාමි කෙනෙක් අත දැමුවොත් වෙනදා මෙන් බිය වන්නට එපා ඔබව නවත්තන්නේ තෑගී දීම සදහා වෙන්නත් පුළුවන්….

    මේ වැඩසටහනේ වීඩියෝ පහතින්….

    Sri Lanka Police launch program to identify and reward discipl…

    හොඳ රියැදුරන් සොයා මෙහෙයුමක්සම්පූර්ණ වීඩියෝව මෙතැනින් :https://youtu.be/apT2YTbI9gM

    Posted by Ada Derana Sinhala on Monday, September 18, 2017

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here