තිලංග ක්‍රිකට් සභාපතිකමෙන් යයි?

0

ඉන්දියානු කණ්ඩායම ලංකාවෙන් පිට වෙද්දීම අපිට දැනුනේ වැස්සක් වැහැලා පෑවුවා වගේ ගතියක්. මොකද අපි පරාද වෙන එකෙත් සීමාවක් නැති වුනානේ. ඒ පරාජය නැවතුනේ ඉන්දීය සංචාරය නිමවුණු නිසා මිසක් අපේ දක්ෂතාවෙන් නෙවෙයි කියන එක අමතක කරන්නේ කොහොමද? මේ වෙද්දී ක්‍රීඩකයොන්ට වගේම පරිපාලකයන්ටත් ප්‍රේක්ෂකයෝ ඇගිල්ල දික්කරනවා. ඒ නිසා සනත් ඇතුළු තේරීම් කමිටුව ඉල්ලා අස් වෙනවා. එතකොට මේ තුවාලේ හොද වෙයිද? නෑ ක්‍රිකට් සභාපතිකමෙන් තිලංග සුමතිපාලත් අයින් වෙන්න ඕනා කියලා විවිධ පාර්ශව කියනවා. ඒ අතර 96 ලෝක කුසලානය දිනපු කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයෝ, ප්‍රවීන ටෙස්ට් ක්‍රීඩකයොත් ඉන්නවා.

මේ අතර ක්‍රිකට් ගොඩ ගන්න හැටි කතා කරගන්න සමුළුවක් ඉස්සරහට තියෙනවා. හැබැයි මේ සමුළුව ගැන හිටපු සුපිරි ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් පවසා තිබුණේ මෙවැනි දේවල් බොරු වැඩ බවයි. “මොකටද අපේ අදහස් ගන්නේ. අපේ අදහස් අරගෙන ක‍්‍රියාත්මක කරනවද? ඒකටනේ ඔය කට්ටියක් පත්කරලා තියෙන්නේ. එයාලට බැරි නම් වෙන කාට හරි දෙන්න” කියලයි මුරලි කිවුවේ.

කොහොම වුනත් හදිසි නිලවරණයක් කැඳවා වගකීම් කරට ගන්න පුළුවන් කෙනෙක්ට ක්‍රිකට් සභාපති පදවිය භාරදෙන්න තිලංග සුමතිපාල මහතාගේ සූදානමක් තියෙනවා කියලත් ආරංචියි. එත් තවත් කට්ටියක් කියන්නේ තිලංග දැනටත් සභාපති පදවිය දැරීම නිත්‍යානුකූල නොවන බවයි.

 

Facebook Comments