බොක්සිං ක්‍රීඩාවෙන් ලංකාවට කීර්තියක් ගෙනා ‘ගයාන්’ අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනී – Photos

0

ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව..

පිට පිට දෙවතාවක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන්පදක්කම දිනාගෙන.. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ ගයාන් ජයවීර හදිසියේ මියගොස් තිබෙනවා.

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය හරහා බොක්සිං වල්ලලට පිවිසි ගයාන් ජාත්‍යන්තර තරඟවලදී ඉහළ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙක්. පාසල් දිවියේම ක්‍රීඩාව ජයගත් ඔහු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ශූරතාව දෙවතාවක් තමන් සතු කරගත්තා. 2015 වසරේ පින්ලන්තයේ පැවති 36 වැනි ටැමර් බොක්සිං ශූරතාවලියේ පළමුවරට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයාන් සමත් වූවා.

වසර 5 ක් ජාතික ශූරයා වූ ඔහු පිට පිට දෙවතාවක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන්පදක්කම හිමිකරගත්තා. ජාත්‍යන්තර තරඟ 10 කට පමණ සහභාගී වූ ගයාන් ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව බවටයි ක්‍රීඩා විචාරකයන් හැදින්වූයේ.. හැඳින්වුයේ.Image may contain: 1 person, textImage may contain: one or more people and people sleepingImage may contain: 3 people

Facebook Comments