මන් ඉල්ලා අස් උනොත් ක්‍රිකට් විනාශ වෙනවා , ඒ නිසා මම ඉල්ලා අස් වෙන්නේ නෑ ” තිලංග සුමතිපාල අවසානයේ කට අරි

0

තමන් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව සහමුලින්ම කඩාවැටෙන බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මාධ්‍යයට පවසා තිබෙනවා. තමන්ට ඡන්දය දී තමන්  පත්කළ සාමාජිකයින් පවසන්නේ තමන් නොමැති වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාව බිද වැටෙනවා යනුවෙන් නිසා කිසිම හේතුවෙක් නිසා හෝ ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරයෙන් ඉවත් නොවන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුනා. එසේම හඳ ඉල්ලා හඩන පොඩි දරුවන් වැනි අයගේ කීමට තමන් අවනත නොවන බවත් මෙතෙක් කිසිඳු අයෙක් තමන්ට ඉවත්වන ලෙසට දැනුම් දී නැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
ආණ්ඩුවේ ඇමතිවරයෙකු වැරදි වැඩක් කළ පමණින් ජනාධිපති, අගමැති ඉවත් නොවන බවත් එලෙසම තමාට පැවැරුණු රාජකාරිය සම්පූර්ණයෙන්ම නිමකොට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගෙන එන බවත් ඔහු වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අපි නම් දන්නේ තිලංග සුමතිපාල අවායින් පසු ක්‍රිකට් ක්‍රීඩාවට සුගතියක් වූවේ නැති බවත් දින දින අන්ත පරාජයටම වැටුණු බවත්ය. කරුණාකර දැන්වත් ඇත්ත තේරුම් අරන් ගෙදර ගියා නම් ඔබ තුමා රටට ඉමහත් සේවයක් සිදු කළා වෙනු ඇති.

Facebook Comments