සංචිතයේ තවත් වෙනසක් – ශ්‍රී ලංකාව දිනවන්න එන සුපිරි ආරම්භක පිතිකරුවා මුණවීර ද ?

0

ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර එක්දින තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා.පසුගියදා පැවැති පල්ලේකැලේ පැවති තුන්වෙනි එක්දින තරඟය අතරතුර ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල දිනේෂ් චන්දිමාල් මෙන්ම එම තරඟයේ නායකයා ලෙස කටයුතු කල චාමර කපුගෙදර ආබාධයට ලක් වූවා.

එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟ දෙක සඳහා සංචිතයට තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු නම් කර ඇත.මැද පෙළ පිතිකරුවෙකු ලෙස අවසන් කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ධනංජය ද සිල්වා සහ  ආරම්භක පිතිකරු දිල්ශාන් මුණවීර කණ්ඩායමට නම් කර ඇති අතර, මුණවීර බොහෝ විට ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරනු ඇත.ධණංජය ද සිල්වා නොම්මර හතර පිතිකරුවා ලෙස කණ්ඩායමට එක්වන අතර සිවුවෙනි තරගය සදහා වැඩි වගකීමක් ඔහුටද හිමිව ඇත.

Facebook Comments