දේශීය වී ටික සතුන්ට දීලා විදේශීය සහල් මිනිසුන්ට කවනවා

0

දේශීය ගොවි ජනතාව හැදූ වී මෙටි්‍රක්‌ ටොන් 90,000 ක්‌ අඩු මිලට සත්වාහාරවලට දීල.

විදේශීය සහල් සහ තිරිඟු පිටි මිනිසුන්ට කවනවා. ගිනස්‌ පොතට යායුතු යහපාලනයක්‌ යෑයි උතුරුමැද පළාත් සභා මන්ත්‍රී පී. බී. කුමාර මහතා උතුරුමැද පළාත් සභා කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ජනාධිපති මොනවා කීවත් දේශීයත්වය ඇමෙරිකාව පැත්තට පෙරලාගෙන යන්නෙ අගමැති. අමෙරිකාව ඇතුළු යුරෝපීය රටවලට ගැතිවෙලා සතිපතා පිටරට සවාරි යමින් ඔවුන්ගෙන් උපදෙස්‌ අරගෙන තමයි මේ රට මෙහෙයවන්නෙ. ස්‌වාධීන චින්තනයක්‌, ජාතික ප්‍රතිපත්තියක්‌ නෑ. පී. බී. කුමාර මහතා විස්‌තර කළේය.

2015 මහ කන්නයේදී මේ රටට වසර දෙක තුනකට ඇතිවෙන්න ගොවීන්ගෙන් වී ලැබුණා. 2015 පැවැති මැතිවරණය බලාගෙන මේ අය නොසිතූ විදියට වී මිල වැඩි කළා. ගොවියො තමන් ළඟ තිබූ වී ටික වී අලෙවි මණ්‌ඩලයට දුන්නා. වී ගොඩ ගැහුණා. වී මිල වැඩි කිරීම නිසා මෙපමණ වී තොගයක්‌ එයි කියල පාලකයන් හිතුවෙ නෑ. ඔවුන් හිතුවෙ වී නිෂ්පාදනය අතිරික්‌තයි කියල. ඒ නිසා ලැබුණු වී තොග සතුන්ට හා මත්පැන් පෙරන්න වික්‌කා. වී නිෂ්පාදනය අඩු කරන්න යල් කන්නයේ මහා වාරිමාර්ග යටතේ වගා කරන කුඹුරුවලට වතුර පාලනය කළා වී වගා කරන්න බැරිවුණා.

තිබුණ වී තොග සතුන්ට දුන්නා. අමතුවෙන් යලේ වී වගාවට වතුර දුන්නෙ නෑ. අන්තිමට රටේ පරිභෝජනයට සහල් නැතිව ගියා. දැන් ඇමැතිවරුන් රත්වෙලා. පිටරටින් හාල් ගෙන්වනවා. ඒ හාල් ඇලෙනවා. අපේ රටට හුරු නෑ. හරියට හාල් ටික බෙදාගන්නත් බෑ. රට පුරා හාල් කරච්චලේ මන්ත්‍රීවරයා විස්‌තර කළේය.

“බැරි බර කරට නොගනින් අබරෝ” කියල පැරණි කතාවක්‌ තියෙනවා. ජනතාවගේ ආහාර වේල අතට ගත් ඇමැතිවරුන්ට දැන් කියන්න වෙලා තියෙන්නෙ. ඒ කතාවමයි. වාචාලකමට කට කැඩිච්ච කතා කීවාට වැඩට ගියාම බිංදුව. පළාත් සභා මන්ත්‍රී පී. බී. කුමාර මහතා සඳහන් කළේය.

Facebook Comments